දේශීය

රාජ්‍ය සේවකයින් පෞ. රැකියාවලට යොමු කිරීමට අවධානය

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙහිදි අධ්‍යයනය කරන බවයි.‍

පත් කළ කමිටුවට සාමාජිකයින් 7 කු ඇතුළත් ය.

සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබා දෙන උපදෙස් දුන් බවද ඔහු ප්‍රකාශ කළා.

එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top