දේශීය

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

(UTV | COVID 19) – ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ආරම්භ කිරීම දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන ආකාරයෙන් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි.

ඔහු මේ බව අවධාරණය කළේ රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සමග අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ විශේෂ හමුවකදීය.

රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි ආකාරයෙන් ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබේ.

ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයකින් ආර්ථිකය ගොඩනැඟිම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top