දේශීය

රාජකාරී සඳහා පිටත්ව යන ජනතාවට ලංගමයෙන් නව බස් රථ සේවාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් රාජකාරී සඳහා පිටත්ව යන ජනතාව සඳහා කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට  සැලසුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි කොළඹ දක්වා රැකියා සඳහා ගමනාගමනයේ යෙදෙන ජනතාවට එම සේවාව ලබාගත හැක.

මෙම නව සේවාව රත්නපුර / කෑගල්ල / හලාවත / හම්බන්තොට / තංගල්ල / මාතර / ගාල්ල / අම්බලංගොඩ / අලුත්ගම / කළුතර යන  ප්‍රදේශවල සිට ක්‍රියාත්මක වනු ඇත.

එම නව සේවාව සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය බස් රථ මගින්ද අධිවේගී මාර්ගයේ හෝ සාමාන්‍ය මාර්ගය ඔස්සේද ලබාගත හැක..

ඒ සඳහා ඔබගේ විස්තර Word, PDF ලෙසින් හෝ එසේ එවීමට අපහසුනම් කොළයක අතින් ලියා එය ජායාරූපයක් ලෙසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නිල ෆේස්බුක් පිටුව වන Sri Lanka Transport Board – SLTB (https://www.facebook.com/officialSLTB/ ) වෙත හෝ dgmoperation@sltb.lk යන ඊ මේල් ලිපිනය වෙත යොමුකළ යුතුය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top