දේශීය

රන්ජන්ට ජනපති සමාව

(UTV | කොළඹ) – බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතාට ලබන සතිය තුළ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ජනපති සමාව ලබාදීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන මේවන විට අධිකරණ අමාත්‍යංශය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදී ඇති බවය.

ඒ අනුව ජනාධිපතිවරයා එම ලිපි ලේඛන සඳහා අත්සන් ලබාදීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිවනු ඇති බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පසුගිය වසරේ ජනවාරි 12 වන දින වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව යටතේ නිදහස ලබාදීමට යෝජනා ඉදිරිපත් වූ අතර ඒ සඳහා ඔහු විසින් පසුගිය 13 වැනිදා දිවුරුම් ප්‍රකාශයකට ද අත්සන් කර තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top