දේශීය

රට වසා දැමීමෙන් පමණක් කොරෝනා වසංගතය මර්දනය කළ නොහැකියි – ජනපති

(UTV | කොළඹ) – මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී ජනපතිවරයා පළකල අදහස් ,

“කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවක්. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරනවා. වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප තුනක් තිබෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය,”

“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාරදෙමින් පළමු අදියරේදීම සුවපත්කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍යම නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකීසිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුයි,”

“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනීයන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි,”

“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළ යුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ථ ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරුවීමෙන් වැළකීසිටීමට පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්” යනුවෙන් ජනාධිපතිවරයා පවසා සිටියා.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top