දේශීය

රටකි – දැයකි – ලොවකි – ඇය : ජනපතිගෙන් කාන්තා දිනයට සුභාශිංසන

(UTV | කොළඹ) – ලෝක කාන්තා දිනය අදට යෙදී තිබේ.

“රටකි – දැයකි – ලොවකි – ඇය” යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවයි.

ලෝක කාන්තා දිනයේ මූලාරම්භය 1908 වර්ෂය දක්වා දිවයන්නක්.

එම වර්ෂයේදී අමරිකාවේ නිව්යෝර්ක් නගරයට රැස්වූ කාන්තාවන් 15 , 000 ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත් වඩා හොඳ වැටුප් ලබා දෙන ලෙසටත් ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් පාගමනක නිරතවිය.

ඉන් වසරකට පසුව අමරිකානු සමාජවාදී පක්ෂය විසින් පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළා.

මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතුයැයි අදහස පහලවන්නේ ක්ලාරා සෙට්කින් නැමති කාන්තාවකටයි.

ඒ අනුව ඇය මෙම යෝජනාව 1910 වසරේ කෝපන්හේගන් හී පැවති වැඩ කරන ජනතාවගේ ජාත්‍යන්තර සම්මේලනය වෙත ඉදිරිපත් කරන අතර එහිදී රටවල් 17ක කාන්තා නියෝජිතයන්ගේ එකගත්වයෙන් එය සම්මත කරනු ලබයි.

ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත්වන්නේ ඒ ආකාරයෙන්. කෙසේ වෙතත් මේ සඳහා නිල පිළිගැනීමක් හිමිවුණේ 1975 වසරේදීයි.

ජාත්‍යන්තර කාන්තා දින වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, මෙරට සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිඳක මවක සහ ගෘහණියක ලෙස අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළ බවයි.

යම් රටක් කාන්තාවට සලකන ආකරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බවත් ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මූල්‍යමය වශයෙන් ගණනය නොකළ ද ජාතික නිෂ්පාදනයට ඇයගෙන් ලැබෙන දායකත්වය ඉහළ අගයක් ගන්නා බව පවසන ජනාධිපතිවරයා සිය පණිවුඩය මගින් අවධාරණය කරන්නේ, ස්ත්‍රියගේ අභිමානය ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් ඇය පෝෂණය කිරීම සමාජ වගකීමක් බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top