දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තු සේවා අද සිට

(UTV | කොළඹ ) – අද (20) සිට සීමා සහිතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා යළි ආරම්භ කර තිබේ.

පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා සේවා සැපයෙන අතර අදාළ දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුයි.

එක්දින සේවය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර නව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක නිකුත් කිරීම සහ තත්ව සහතික බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන් අද සිට සීමිත කාර්යය මණ්ඩලයක් යොදාගෙන සිදු කිරීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top