දේශීය

මෙරට 60 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නත්කරණය අද සිට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා එන්නත්කරණය අද (13) සිට ආරම්භ වෙයි.   

ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ලැබීමත් සමඟයි.

එහිදී කොළඹ නගර සභා සීමාවේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය ආරම්භ වනු ඇති.

සීරම් ආයතනයෙන් ඇණවුම් කළ එන්නත් මිලියනයක් මෙතෙක් පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් සඳහා වෙන් කිරීමට සිදුවීම නිසා වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව නතර වනු ඇති.

දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 10 වනදා සිට ආරම්භවීමට නියමිතයි.

මේ වන විට පුද්ගලයන් හත්ලක්ෂ 60,000 කට ආසන්න පිරිසකට කොරෝනා එන්නත් ලබාදී අවසන්.

ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

එහි ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත ෆයිසර් හෝ මොඩර්නා වැනි අනෙක් කොරෝනා එන්නත් මෙන් විශිෂ්ඨ එන්නතක් බවයි.

ඔක්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ලේ කැටි ඇතිවන බවට වාර්තා පළවීමත් සමඟ ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුලු යුරෝපා රටවල් කිහිපයක් එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශක කමිටුව සිදුකළ දත්ත විශ්ලේෂණයේදී අනාවරණ වී ඇත්තේ එම ලේ කැටි ගැසීමේ සිද්ධීන් සහ එන්නත් කිරීම අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top