දේශීය

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 3 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබේ.

මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.

මියගිය කාන්තාව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි අයෙක් වන අතර , මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇතිවූ බහුවිධ සංකූලතායි.

මේ අතර අනන්‍යතාව සනාථ කළ නොහැකි අවුරුදු 70ත් 80ත් අතර පසුවන පුද්ගලයෙක් ද මියගොස් ඇත.

මෙම පුද්ගලයා පසුගිය 30 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනයයි.

මේ අතර කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක් ද මියගොස් තිබෙන අතර , කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරුකර යවා තිබූ එම පුද්ගලයා අද මියගොස් ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top