දේශීය

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

(UTV| කොවිඩ් 19) –  මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2724 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 20 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 04 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , ඔවුන්ගෙන් තිදෙනෙකු කහතුඩුව ප්‍රදේශයේද එක් අයෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේද පදිංචි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේය.

ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයන්ගෙන් 09 දෙනෙකු සෞදි අරාබියේ සිටද , 03 දෙනෙකු කටාර් සිටද , දෙදෙනෙකු ඉන්දියාවේ සිටද අනෙක් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටද පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිට තිඛේ.

ඒ අනුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් 561 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top