දේශීය

මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත

(UTV | කොළඹ) – මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

ඒ, එම සංවිධානය ක්‍රියාත්මක කරන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වෙත කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබාදීමේ වැඩසටහන යටතේය.

කොවැක්ස් වැඩසටහන යටතේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල් වෙනුවෙන් කොරෝනා මර්දන එන්නත් බිලියනයක් වෙන්කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ඊයේ නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එම වැඩසටහනට අයත් රටවල් සංඛ්‍යාව 189 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top