දේශීය

මුහුණු ආවරණය කිරීම හෝ නොකිරීමේ තීරණය කාන්තාවන් සතු අයිතියක් [VIDEO]

(UTV | කොළඹ) – මුහුණු ආවරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ඇතැමුන් පැවසුවත් , මුහුණු ආවරණය කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීම කාන්තාවන් සතු අයිතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ් මහතා මේ බව කියා සිටියේ , ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ රෙගුලාසි පිළිබඳ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අමතමින්.

එමෙන්ම ඉස්ලාමීය බුද්ධිමතුන් හා විද්වතුන්ගෙන් උපදෙස් ලබා නොගෙන මුස්ලිම් විවාහ නීති වෙනස් කළ නොහැකි බව ද ඒ් මහතා අවධාරණය කළේය.

කාන්තාවන් රැකියා සඳහා විදේශගත වන විට ඔවුන්ගේ පවුල් පිරිහී යන බවක් පෙනෙන්නට ඇති බවත්, එවැනි තත්වයක් තුළ අනාගතයේදී කාන්තාවන් රැකියා සඳහා විදේශගත කිරීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවත් රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

බොහෝ අය කාන්තාවන් තම මුහුණු ආවරණය කිරීමෙන් රටට විශාල අනතුරක් සිදුවිය හැකි බවට කියා සිටින නමුත් , කාන්තාවන් පැළඳිය යුතු දේ තමන් විසින්ම තීරණය කළ යුතු බව ඒ් මහතා අවධාරණය කරයි.

ඉස්ලාම් භක්තිකයින්ගෙන් පළිගැනීම හෝ ඔවුන්වම පමණක් ඉලක්ක කරගනිමින් බොරු ප්‍රචාරයන් සිදුකරමින් පවත්න බවත් රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එමෙන්ම , ඉස්ලාමීය විවාහ නීති වෙනස් කිරීමට රජයට හෝ කිසිදු ඇමතිවරයෙකුට නොහැකි බවත් , එය එක රැයකින් වෙනස් කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top