දේශීය

මුල්ලේරියාව රෝහලට අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරයක්

(UTV| කොවිඩ් 19) –  අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය රෝහල වෙත ප්‍රදානය කිරිම අද (09) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

වර්ග අඩි 3300 ක බිම් ප්‍රමාණයක, කාමර 16 කින් යුතු මෙම හෙද නේවාසිකාගාරය තුල හෙද නිලධාරින් 32 කට නේවාසික පහසුකම් සළසා ගත හැක.

ගෘහ භාණ්ඩ ඇතුලු අනෙකුත් සියළු පහසුකම් වලින් ද මෙම හෙද නේවාසිකාගාරය යුක්ත වේ.

කොවිඩ් -19 වසංගත පාලන කාර්ය සාධන බලකායේ රැස්විමක දී අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත හෙද නේවාසිකාගාරයක අවශ්‍යතාව මතු වූ මොහොතේ ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එම බලකායේ සාමාජික හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා මැදිහත් වන ලදී.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ East Cost පදනමේ ලේකම් සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් එම සංගමයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්‍රදානය මත මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගාරය ඉදිකිරිමට පියවර ගෙවන ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top