දේශීය

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

(UTV | කොළඹ ) – අද (11) දිනයේ සිට මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කෙරේ.

මේ මස 15 වනදා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

මේ යටතේ වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා දීමනා මෙන්ම ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000ක දීමනාව ලබාදෙනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top