දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(UTV | කොළඹ)- ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂඨාධිකරණය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතීත්වයෙන් යුතුවයි.

තවද බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන් එම විනිසුරු මඩුල්ලට අයත් වේ.

පෙත්සම් විභාගය ලබන 18 වැනිදා ආරම්භ කිරිමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top