දේශීය

මහවිරු සැමරුම තහනම් කරමින් අධිකරණ නියෝග

(UTV | ත්‍රිකුණාමලය) – චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය විසින් නීතිපතිගේ ඉදිරිපත් කිරීම් පිළිගෙන මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අතර හෙට (27) සිට දින 14 ක කාලයක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 07ක මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් කරමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) තහනම් නියෝග නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ත්‍රිකුණාමලය මූලස්ථාන, වරාය, උප්පුවේලි, කින්නියා, පුල්මුඩෙයි, උච්චවේලි සහා නිලාවැලි යන පොලිස් බල ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් වේ.

එමෙන්ම යාපනය සහ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විසින් ද ඊයේ වාරණ නියෝග නිකුත් කළේ යාපනය සහ මුලතිව් ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමිනි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top