දේශීය

මත්ද්‍රව්‍ය පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

‍රට තුළ සීඝ්‍ර ලෙස පැතිරමෙන් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලින්උපුටා දැමීමේ ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා ඒ සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට නියමිතව තිබේ.

 

පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඒ අනුව, අදාළ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

ඉදිරි සතිය සඳහා පාර්ලිමේන්තුව ජුනි මස 06 වනදා සිට ජුනි මස 09 වනදා දක්වා රැස්වීමට නියමිත අතර ජුනි මස 07 වන දින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂ්ත්‍රය මුහුණ පාන ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඊට අමතරව ජුනි මස 09 වන දින පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාව පළවී තිබේ.

 

ඒ අනුව, රජයේ සියලු ආයතන, රජය සතු ගොඩනැගිලිවල ස්ථාන ගතකිරීම සඳහා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ යෝජනාව ද වගා හානි සිදුකරන රිලවුන් ගහනය පාලනය කිරීම සඳහා නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මන්ත්‍රීවරයාගේ යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතය.

 

ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් කිංග්ස් නෙල්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාව සහ දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම පිළිබඳ රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරියගේ යෝජනාව ද ලබන සිකුරාදා දින විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top