ගොසිප්

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

(UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා ද සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,265 කි.

ඊයේ දිනයේ කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙනි.

ඒ ආසාදිතයින් 254කි.

මීට අමරතව මට්ටක්කුලියෙන් ද ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු අතර පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරේ අනු පොකුරක් ලෙස නිර්මාණය වූ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2826 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top