විදෙස්

බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රඳවාගෙන සිටි සිවිල් වැසියන් නිදහස්

(UTV|නයිජීරියාව) – බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රදවාගෙන සිටි සිවිල් වැසියන් 1130 දෙනෙකු මුදා ගැනීමට හැකි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ නයිජීරියානු සහ කැමරූන් ආරක්ෂක හමුදා චැඩ් විල් ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුවය.

එහිදී බොකෝ හරාම් සන්නද්ධ සාමාජිකයන් 37 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහෙයුමේදී බොකෝ හරාම් කඳවුරු රැසක්ම විනාශ කළ අතර, ගුවන් නාශක අවි ඇතුළු අවි ආයුධ රැසක්ම සිය භාරයට ගත් බව නයිජීරියානු හමුදා ප්‍රකාශකයා පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top