දේශීය

බැංකු වලින් ණය ලබාගෙන ඇති අයට පණිවිඩයක්

(UTV | කොළඹ)  – රට තුළ පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුට බැංකු වලින් ලබා ගෙන ඇති ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

මේ පිළිබඳව සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව යම් පිළියමක් ඒ සඳහා යොදා ඇත.

ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතන මඟින් ලබාගෙන තිබෙන ණය පහසුකම් ඉදිරි මාසය තුළ කපාහැරීම අත්හිටුවීමට අවශ්‍යනම්, ඒ පිළිබඳව අප්‍රේල් මස 30ට පෙර තමන් ණය ලබාගත් බැංකු වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මේ බව සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top