දේශීය

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජෙනරාල් තනතුරට

(UTV | කොළඹ) – ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව අද දිනයේදී යුද හමුදාවේ නිලධාරින් 177 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උසස් කර තිබේ.

යුද හමුදාව නිවේදනය කළේ ඒ සඳහා නව මේජර් ජනරාල්වරුන් 5 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බලකායේ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු, ලූතිනන් කර්නල්වරුන් 39 දෙනෙකු, මේජර් නිලයන් සදහා 69 ක් හා ලූතිනන් නිලය සදහා 60 දෙනෙකු මෙලෙස උසස් කර ඇති බවයි.

එම මේජර් ජනරාල් ධුරයට උසස් කෙරෙන බ්‍රිගේඩියර්වරුන් 04 දෙනා අතර ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක ප්‍රියංක ප්‍රනාන්දු මහතාද ඇතුලත් බව යුධ හමුදාව පවසයි.

2018 වසරේ නිදහස් දිනයදා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයකදී තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වුණි.

මේ අතර, 11 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 4 ට පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සවයට සමගාමීව යුද හමුදාවේ සෙසු නිලයන් 14,617 දෙනෙකුට ද උසස් වීම් ලබාදීමට තීරණය කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top