දේශීය

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

(UTV | කොළඹ ) – ජාතික ගමනාගමන කොමිසම විසින් ලංගම සහ පෞද්ගලික බස්රථ භාවිත කරන මගීන්ගේ පහසුව සඳහා යෝජිත ජංගම දුරකථන යෙදවුම (Passenger App) ලබන සතියේදී හඳුන්වාදීමට තීරණය කර තිබේ.

මෙම ජංගම දුරකථන යෙදවුම (Passenger App)හඳුන්වාදීමත් සමග මගී ජනතාවගේ කාලය කළමණාකරණය මෙන්ම ඇතැම් පුද්ගලික බස්රථ මන්දගාමීව ධාවනයවීම නිසා මගීන්ට සිදුවන හිරිහැර ඇතුලු ගැටලු රැසක් වළක්වා ගැනීමට හැකියාව ඇති බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

තමන් ගමන් කිරීමට අපේක්ෂා කරන වේලාවට පැමිණෙන බස් රථය පවතින ස්ථානය මෙම ජංගම දුරකථන යෙදවුම (Passenger App)ඔස්සේ බලාගැනීමට මගීන්ට අවස්ථාව පවතියි.

ජාතික ගමනාගමන කොමිසම විසින් මෙම යෙදවුම (Passenger App)මේ වන විටත් නිර්මාණය කර අවසන් අතර එය මගී ජනතාවට හඳුන්වාදීම ලබන සතියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර වෙත දැනුම් දී තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top