ක්‍රීඩා

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ.

ඒ අනුව එම එක් ප්‍රහාරයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද මැදිවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුද්ගලයන් දෙදෙනෙකු එම දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

ක්‍රයිස්චර්ච් රෝහල අසළ ද වෙඩි තැබීමක් වාර්තා වී ඇති අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

නිවෙස්වල රැදී සිටින ලෙස නවසීලන්ත පොලීසිය ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top