ගොසිප්

පෝර්ට් සිටිය නැරඹීමට නම් චීන තානාපතිගේ අවසරය ගත යුතුයි

(UTV | කොළඹ) – කොළඹ වරාය නගරය නිරීක්ෂණය කිරීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් අවසර ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා සඳහන් කරයි.   

කොළඹ වරාය නගරය බැලීම සඳහා තමන් ගිය අවස්ථාවේ ඊට අවසර නොලැබුනු බවද පැවසූ මන්ත්‍රීවරයා චීන තානාපති කාර්යාලයෙන් අවසර ලබාගෙන එන ලෙස දැනුම් දුන් බවද පැවසීය.

මන්ත්‍රීවරයෙක් ලෙස තමනට ලංකාවේ ඕනෑම තැනකට යාමට අවසර ඇතත් වරාය නගරයේ බැලීමට අවසර නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වරාය නගරයේ සියල්ල සිදු වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් බවත් නීති හදන්නේ ශ්‍රී ලංකා රජය බවත් ශ්‍රී ආණ්ඩුවේ ප‍්‍රකාශ සත්‍ය නම් වරාය නගරය බැලීමට චීන තානාපතිගෙන අවසර ලබාගත යුත්තේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයා.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ චීන තානාපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වරාය නගරය නිරීක්‍ෂණ චාරිකාවක් සූදානම් කර ඇති බවයි.

එසේ සිදු කිරීමට චීන තානාපතිවරයාට වරාය නගරයේ ඇති බලය කුමක්දැයි ඔහු විමසයි.

කොළඹ වරාය නගරයේ ආයෝජකයාට කිසිසේත්ම භූමියේ අයිතිය නොලැබෙන බව ද නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරයි.

ආයෝජයාට ලැබෙන්නේ බදු වශයෙන් ලැබෙන ඉඩම් කොටස භාවිතා කිරීමේ අයිතිය පමණක් යැයිද ඒ මහතා සඳහන් කළේය.

වරාය නගරය සඳහා වෙනම පනතක් ගෙන එන්නේ එහි පැමිණෙන ආයෝජකයන් විශාල කාලයක් රස්තියාදු නොකර ඔවුන් සඳහා එකම වහලක් යටින් සියලුම ලිඛිත කටයුතු සිදුකර ගැනීමට පහසු කිරීම සඳහා බවද ඔහු පවසයි.

එම විශේෂ කලාපයේ ගනුදෙනු කරන්නේ ඩොලර් වලින් නම් වැටුප් ගෙවන්නේ ද ඩොලර් වලින් බවත් , ලොව පුරා පිහිටි මෙවන් විශේෂ කලාපයන්හි ගනුදෙනු සිද්ධ වන්නේ එම රටේ මුදල් ඒකකයෙන් නොව ජාත්‍යන්තර මුදල් ඒකකයකින් බවද ඒ මහතා කියා සිටියේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top