විදෙස්

පැරිසියේ මහල් ගොඩනැඟිල්ලක හටගත් ගින්නෙන් හත්දෙනෙක් ජිවිතක්ෂයට.

(UTV| ප්‍රංශය) – ප්‍රංශයේ දකුණුදිග පැරිස් අගනුවර ගොඩනැගිල්ලක ඊයේ (04) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකුට බරපතල තුවාල ලබා ඇති බව එරට ගිනි නිවන භටයින් පවසා තිබේ.

ගින්න මැඩපැවැත්වීමට ගිනිනිවන භටයන් 200 කට ආසන්න පිරිසක් යොදා ඇති අතර  ගින්න පාලනය කිරීමට ගොස්  ගිනි නිවන භටයින් තිදෙනෙකු ඇතුළු සුළු පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න ඇති වූ ප්‍රදේශයේ සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රසිද්ධ කලාපයක් වන අතර ඒ ආසන්නයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණ, ආපනශාලා රැසක් පිහිටා තිබේ.

ගොඩනැඟිල්ලේ හත්වැනි සහ අටවැනි මහල්වල තවමත් ගින්න පවතින බවත් ගින්නෙන් සිදුවු මරණ සංඛ්‍යාව තව වැඩිවිය හැකි බව බලධාරියෝ ප්‍රකාශ කරති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top