දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් දේශපාලන වේදිකාව උණුසුම්

මැතිවරණ කාලසීමාවක් තුළ පාර්ලිමේන්තුව ප්‍රථම වරට වාර අවසාන කිරීම අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම මඟින් ආණ්ඩුව ඡන්දය පැවැත්වීමට ඇති බිය මනාව පිළිහිඹු වන බවය.

 

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ජනහමුවක දි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එම අදහස් පළ කළේය.

 

“පාර්ලිමේන්තුව වහලා තියෙන්නේ අවුරුදු 75ක නිදහස් ඉතිහාසයේ, නිදහස් කාලසීමාව තුළ පාර්ලිමේන්තුව වහපු පළමු අවස්ථාව. මැතිවරණයක් පැවතෙද් දී පාර්ලිමේන්තුව වහපු පළමු අවස්ථාව. මැතිවරණ කාලසීමාවක් තුළදී මීට පෙර පාර්ලිමේන්තුව වාර අවසන් කළේ නැගෙනහිර පළාත් සභාවේ අම්පාර දිස්ත්‍රික්කයට අදාළව විතරක් නැගෙනහිර මැතිවරණය තියෙද්දි විතරක් වාර අවසන් කළා. කවදාවත් එහෙම කරලා නෑ. පළවෙනි ඡන්ද ප්‍රතිඵලයෙන් පේනවා ආණ්ඩුව ඇතුළේ තියෙන අර්බුදය. ජාතික අර්බුදයේ, දේශපාලන අර්බුදයේ දිග, පළල, ගැඹුර තේරුම් ගන්න ඕනේ. ඇයි එහෙම තීන්දුවක් ගන්නේ නැත්තේ. අපේ තීන්දුව කොයි තරම් නිවැරදිද කියලා අපේ හෘද සාක්ෂිය බලලා කියනවා.”

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට හිඟ වී ඇත්තේ මුදල් නොව ඡන්ද බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.

 

“දැන් ඒ අය ඇත්තටම ඡන්දෙට බය වුණේ ඡන්දේ තියන්න සල්ලි නැති නිසා ද? ඇත්ත ප්‍රශ්නේ තමයි ඒ අයට සල්ලි නෙමෙයි නැත්තේ ඡන්දේ නැත්තේ. ඡන්ද තිබුණා නම් ඒ අය සල්ලි හොයාගෙන ඡන්දේ කරනවා. ඒ නිසා ඡන්ද නෑ සහ ඡන්දෙට බයයි. ඡන්දේ නෑ විතරක් නෙමෙයි ඡන්දෙට ඉල්ලන අයත් නෑ.”

 

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි.

 

“දැන් ජනමතයක් නැති ජනතාව අකමැති වුණ හොර පාලනය රැක ගැනීම වෙනුවෙන් අනීතිකව විවිධ බලපෑම්, විවිධ තර්ජන සියල්ල කරලා, මැතිවරණය කල්දැමීම සඳහා උත්සාහයක යෙදෙනවා. මේවා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ. අපි අහනවා විශේෂයෙන්ම නීතිය භාර ඇමතිවරයාගෙන්, පොලිස්පති තුමාගෙනුත් මේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට කවුද තර්ජනය කළේ, කියන ආදි කාරණා රටට තාම ප්‍රශ්නයක්. හැබැයි මැතිවරණයක් තියන්නේ නෑ කියන්නේ කවුද ආණ්ඩුව.”

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top