විදෙස්

පාකිස්ථාන ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගනී

(UTV|පාකිස්ථානය) – පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

මාස්ටන් නගරයේ පැවති රැළියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රාදේශීය අපේක්ෂකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පකිස්ථාන පොලීසිය සඳහන් කළේය.

මීට පෙර ද පකිස්ථානයේ බන්නු නගරයේ පැවති දේශපාලන රැළියකට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ මෙය 2014 වසරෙන් පසු පකිස්ථානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top