දේශීය

පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතා ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිස හමුවෙයි

(UTV | පාකිස්තානය) – පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතා පකිස්තාන ජනාධිපති මන්දිරය වන අයිවාන්-ඊ-සාදර් හි දී ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලා අමතමින් ” දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය මත පදනම් වූ විවිධ ක්‍ෂේත්‍රයන්හි විශිෂ්ට සබඳතා පැවැත්වීම නිසා පාකිස්තානය ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ඉතා අගය කරන බවත් පාකිස්තානය ශ්‍රී ලංකාව විශේෂ හවුල්කරුවෙකු හා මිතුරෙකු ලෙස සලකන බවත් මිත්‍ර රටවල් දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය.    

පාකිස්තානය ගාන්ධාර, බෞද්ධ උරුමයේ උපන් ස්ථානය වන අතර එය බුදුන්ගේ අතිශය පූජනීය ස්මාරකවල නිවහනක් වන අතර එම නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බෞද්ධ සංචාරය ප්‍රවර්ධනය කිරීමට විශාල හැකියාවක් ඇති බව ඔහු පැවසීය.ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා පකිස්තානයේ බෞද්ධ ස්මාරක ඇති බැවින් ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ජනතාව පාකිස්තානයේ බෞද්ධ පූජනීය ස්ථාන නැරඹීමට උනන්දු කරන ලෙසත් ඔහු  ඉල්ලා සිටියේය. ද්විපාර්ශ්වික සබඳතා සහ ආගමික සංචාරය ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා විශිෂ්ට අවස්ථාවන් ලබා දී ඇති බව ඔහු පැවසීය.මෙම දූත පිරිස පාකිස්තානයේ බෞද්ධ උරුමය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කර පාකිස්තානයට ආගමික චාරිකා කිරීමට දිරිමත් කරනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කළේය. බෞද්ධ ස්ථාන නැරඹීමට පහසුකම් සැලසීම සඳහා නියෝජිත පිරිස පාකිස්තාන රජයට ස්තූතිවන්ත වූ අතර බෞද්ධ උරුමයන් ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය සඳහා පාකිස්තානය ගෙන ඇති ක්‍රියාමාර්ග ද එය අගය කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top