දේශීය

පාකිස්තානයේ සංචාරයක නිරත වූ භික්ෂූන් වහන්සේලා යළි දිවයිනට

(UTV | කොළඹ) – 2021 අප්‍රේල් 19 සිට 26 දක්වා පාකිස්තානයට සුහද සංචාරයක නිරත වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ කණ්ඩායම අප්‍රේල් 26 වන සඳුදා ආපසු සිය රටට පැමිණි අවස්ථාවේදී මෙම දූත පිරිස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කටැක් මහතා සහ පාකිස්තාන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා ” පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සාර්ථකව සංවිධානය කර ඇති බවත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ජනතාව අතර සබඳතා සහ බෞද්ධ ආගමික සංචාරක කටයුතු වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ වෑයමක් දරන බවත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ ශ්‍රී ලංකා රජයට මහ කොමසාරිස් ස්තූතිය පුද කළ අතර පාකිස්තාන ආරක්ෂක හමුදා, ජාතික උරුම හා සංස්කෘතික අංශය සහ ඉස්ලාමාබාද් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දායකත්වය අගය කළේය. ගරු පාකිස්තාන ජනාධිපති හා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ හමුවීම, පාකිස්තාන නායකත්වයේ සහ ශ්‍රී ලංකාව සමඟ පාකිස්තාන ජනතාවගේ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ ගැඹුරු කැපවීම පිළිබිඹු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

දූත පිරිස වෙනුවෙන් ගංගාරාම විහාරයේ ප්‍රධානී පූජ්‍ය ආචාර්ය කිරින්ද අසාජි ස්වාමින් වහන්සේ අදහස් දක්වමින්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සහ පකිස්ථානයේ බෞද්ධ උරුමයන් හා ධාතු නැරඹීමට වටිනා අවස්ථාවක් ලබා දුන් මේ සංචාරය සංවිධානය කිරීම සඳහා විශාල සහයෝගයක් ලබා දීම සඳහා පාකිස්තාන මහ කොමසාරිස්වරයාගේ පෞද්ගලික දායකත්වය පිළිබඳව ස්තූතිය පුද කළේය. පාකිස්තාන බලධාරීන්, දූත පිරිසගේ සුවපහසුව සහ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දුන් බවත්, රටේ බෞද්ධ බැතිමතුන් සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳ අදහස් හා නිර්දේශ කෙරෙහි උනන්දුවක් දක්වන බවත් ඔහු අවධාරණය කළේය.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සංචාරය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ශවයේ සම්බන්ධීකරණ නිලධාරී ආචාර්ය අසේලා වික්‍රමසිංහ මහතා පාකිස්තාන රජයේ දැක්ම පිළිබඳව අවධාරණය කළ අතර, පාකිස්තානයේ බෞද්ධ උරුමය ගවේෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලා 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සංචාරය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බවත් පැවසීය. පකිස්ථාන පුරවැසියන්ට වෙනත් ආගම් කෙරෙහි ඇති ගෞරවය සහ බෞද්ධ උරුමය සුරැකීම කෙරෙහි ඔවුන් දක්වන සැලකිල්ල දැකගත හැකි බව ඔහු පැවසීය.ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් විසින් පාකිස්තානයට බෞද්ධ වන්දනා චාරිකා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ඔහු පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top