විදෙස්

ප්‍රංශයේ සිදුවූ වෙඩිතැබීමකින් 4 දෙනෙක් මිය යයි .

(UTV| ප්‍රංශය ) – නැගෙනහිර ප්‍රංශය නගරයේ ස්ටර්බග්ස් නුවර තිබු නත්තල් සල්පිලක් අසල එක් පුද්ගලයෙක් සිදුකල වෙඩි තැබීමකින් 4දෙනකු මිය ගොස් තවත් 12දෙනෙකු තුවාල ලබා ඇත .

මෙය ත්‍රස්ත ක්‍රියාවලියක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය .

29 හැවිරිදි මොහු වෙඩිතැබීමෙන් අනතුරුව පළාගොස් තිබේ.

එම අවස්ථාවේ පොලීසිය ඔහු පසුපස ලුහුබැඳ ඇති අතර ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top