දේශීය

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිකුත් කල නිල ඇඳුම් තිළිණපත් කාලය දිගු කරයි

(UTV | කොළඹ) – රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල  වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම තිළිණපත්වල වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2020-08-31 වනදායි.

රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම පිණිස අදාළ තීරණය ගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top