දේශීය

නිරෝධායනය අවසන් කරමින් තවත් 33 ක් හෙට පිටත්ව යයි

(UTV | කොළඹ) –  නිරෝධායන කටයුතු අවසන් කර තවත් පුද්ගලයින් 33 දෙනෙකු හෙට (09) දිනයේ දී පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වන විට දින 14 ක නිරෝධායනය අවසන්වී 3415 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් ඇති බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

පුද්ගලයන් 1262 දෙනකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද ඉන් 44 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් බවද ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top