ගොසිප්

නාරාහේන්පිට ප්‍රධාන පෙළේ රෝහලක සේවකයන් පිරිසකට කොරෝනා

(UTV | කොළඹ) – නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

එම රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බව නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටියේය.

එමෙන්ම , මහනුවර මහරෝහලේ උගුර, කන, නාසය පිළිබද සායනයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top