දේශීය

නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]

(UTV | මහනුවර) –  දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු ප්‍රථමයෙන්ම පත්වීම් ලබාගන්නා ලදී.

කොළඹ – ප්‍රදීප් උඳුගොඩ

ගම්පහ – සහන් ප්‍රදීප් විතාන

කලුතර – සංජීව එදිරිමාන්න

මහනුවර – වසන්ත යාපා බණ්ඩාර

මාතලේ – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

නුවර එළිය – එස්.බී දිසානායක

ගාල්ල -සම්පත් අතුකෝරාළ

මාතර – නිපුණ රණවක

හම්බන්තොට – උපුල් ගලප්පත්ති

යාපනය – අංගජන් රාමනාදන්

කිලිනොච්චි – ඩග්ලස් දේවානන්ද

වව්නියාව- කේ දිලීපන්

මන්නාරම හා මුලතිව් – කාදර් මස්තාන්

අම්පාර දිස්ත්‍රික්කය – ඩී වීරසිංහ

ත්‍රිකුණාමලය  – කපිල අතුකෝරාල

කුරුණෑගල – ගුණපාල රත්නසේකර

පුත්තලම – අශෝක ප්‍රියන්ත

දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි.

චමල් රාජපක්ෂ      – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානායක  – සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රනාන්දු  –  පොල්, කිතුල් තල්, හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
නිමල් ලංසා –   ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය ‍යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ජයන්ත සමරවීර  –  ගුදම් පහසුකම් බහාලිම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
රොශාන් රණසිංහ   –  ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
කනක හේරත්   –  සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
විදුර වික්‍රමනායක  –  ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජනක වක්කුඹුර  – උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ  –  දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය
ශෙහාන් සේමසිංහ  –  සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ද සිල්වා  –  පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ  –  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම  –  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
විමලවීර දිසානායක   –  වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

කංචන විජේසේකර – විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය, හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

අනුරාධ ජයරත්න-  ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

විදේශ අමාත්‍ය – දිනේශ් ගුණවර්ධන
ධීවර අමාත්‍ය  – ඩග්ලස් දේවානන්ද
ප්‍රවාහන අමාත්‍ය – ගාමිණී ලොකුගේ
වෙළද අමාත්‍ය  – බන්ධුල ගුණවර්ධන
වනජීවී හා වන සංරක්ෂණ  අමාත්‍ය – ආර්.එම්.සී.වී.රත්නායක
රාජ්‍ය සේවා, පළාත් පාලන හා  පළාත්සභා අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකෝන්
ජනමාධ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල
වාරිමාර්හ අමාත්‍ය  – චමල් රාජපක්‍ෂ
විදුලි බල අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම
මහාමාර්ග අමාත්‍ය  – ජොන්ස්ටන් ප්‍රනාන්දු
කර්මාන්ත අමාත්‍ය – විමල් වීරවංශ
පරිසර අමාත්‍ය – මහින්ද අමරවීර
ඉඩම් අමාත්‍ය – එස් .එම්. චන්ද්‍රසේන
කෘෂිකර්ම අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ
ජල සම්පාදන අමාත්‍ය  – වාසුදේව නානායක්කාර
බලශක්ති අමාත්‍ය  –  උදය ගම්මන්පිල
වැවිලි අමාත්‍ය – රමේෂ් පතිරණ
සංචාරක අමාත්‍ය  – ප්‍රසන්න රණතුංග
වරාය හා නාවික අමාත්‍ය  – රෝහිත අබේගුණවර්ධන
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය – නාමල් රාජපක්‍ෂ
අධිකරණ අමාත්‍ය – අලිසබ්‍රි

(UTV | මහනුවර) – නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (12) මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

දිවුරුම්දීමේ නිල උත්සවය පෙරවරු 8.30 ට ආරම්භ කෙරෙනු ලැබේ.

නව රජයේ අමාත්‍යාංශ ව්‍යූහය කැබිනට් අමාත්‍යංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතයි.

අමාත්‍යාංශ ව්‍යුහය, සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කරනු ලැබීය.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති.

මෙම දිවුරුම්දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තු වරම් ලැබූ සියලුදෙනාට ආරාධනා කර ඇති බව ද වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top