ක්‍රීඩා

නවසීලන්ත තරඟාවලිය ගැන දිමුත් කියන අලුත්ම කතාව

(UTV|COLOMBO) – සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරය මේ මස 14 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලිය සඳහා ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ටෙස්ට් තරග දෙකක් හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ. මේ තරගාවලිය DFCC කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස නම් කර තිබේ. 

1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 34ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 15ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

එසේම ශ්‍රී ලංකාව තුළ දී නවසීලන්තය හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 15ක දී එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගන්නා විට තරග 4ක ජය හිමිකර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top