දේශීය

නඩු භාණ්ඩ ලෙස අධිකරණයේ තිබූ ගංජා ජාවාරම් කළ අයෙක් කොටුවෙයි

ගංජා ජාවාරමකට සම්බන්ධ අධිකරණ කාර්යාල සහායකයෙකු සහ තවත් සැකකරුවෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (03) උදෑසන කාලේදී මෙම සැකකරුවන් හපුතලේ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය තොරතුරක් ලද තොරතුරකට අනුව හපුතලේ පොලිස් වසමේදී ගංජා ග්‍රෑම් 555ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

එසේ අත්අඩංගුවට ගත් හපුතලේ ප්‍රදේශයේ 28 හැවිරිදි සැකකරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය නිලධාරීන් විසින් කොස්ලන්ද පොලීසිය වෙත ඉදිරිපත් කර තිබුණි.

 

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට මෙම ගංජා ලබාදුන් තවත් සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණය වී ඇත.

 

ඒ අනුව එම සැකකරු පළමු සැකකරුට තවත් ගංජා තොගයක් ලබාදීමට සහ ලබාදී තිබූ ගංජා තොගයක සඳහා මුදල් ලබා ගැනීම සඳහා පසුගිය 01 වනදා සවස් කාලයේදී කොස්ලන්ද පොලිස් වසමේ අයිඑස් පීල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී එම සැකකරුද ගංජා කිලෝ 04 ග්‍රෑම් 305ක්, හා ජංගම දුරකථයක් සමග විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එසේ අත්අඩංගුවට ගත් සැකකරු ඌවමාවෙලගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

 

එම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබී තවත් ගංජා කිලෝ 02 ග්‍රෑම් 130ක් හා කුඩා ඉලෙක්ට්‍රොනික් තරාදියක් සොයා ගෙන ඇත.

 

මෙම සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල සහායයෙකු ලෙස සේවය කරන අයෙකු බවත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තබා තිබූ ගංජා මෙම සැකකරු විසින් මෙසේ ජාවාරම් කර ඇති බවත් පොලීසියට අනාවරණය වී තිබේ.

 

සැකකරුව රැඳවුම් නියෝග මත කොස්ලන්ද පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top