කලා

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

(UTV| ඉන්දියාව) – සමාජ ජාලා කළඹවමින් අපූරු ගීත කෝකිලාවියක් සම්බන්ධයෙන් වන පුවත් සහ වීඩියෝ කීපයක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතී. 

ධනවතෙකු හිගමනට ඇද දමන්නත් , හිගන්නෙකු ධනවතෙකු කිරීමටත් එයට ගත වන්නේ සුළු වේලාවකි.

ඉන්දියාවේ ජීවත් වූ රානු මරියා මැන්ඩල් නම් කාන්තාව ජීවත් වූයේ දුම්රිය වේදිකාවේ තමන්ගේම කටහඩින් ගීත ගායනා කරමින් එම ගීත රසවිදින්නන්ගෙන් ලද සුළු මුදලින්. ඇගේ ජීවිතය ඈ විසින් ගැට ගසා ගනු ලැබුවේ එමගින්‍ ය.

පසුගිය දවසක ඇය විසින් බටහිර බෙංගාලයේ රණගට් දුම්රිය ස්ථානයේ දී ‘ඒක් ප්යාර් කා නාග්මා හායි, මවුජොන් කි රාවානි හායි’ යන ගීය ඉතා මියුරු ලෙස ගායනා කළාය.

ඇයගේ මෙම ගීය ඒ මොහොතේ රසවිදිමින් සිටි අතින්ද්‍රා චක්‍රවර්ති නම් මගියෙකු විසින් එය දුරකථනයෙන් පටිගත කර අන්තර්ජාලයට මුදාහැරීම සමග මිනිත්තු දෙකක් පුරා දිවයන එම වීඩියෝව වෛරස් මෙන් අන්තර්ජාලය හරහා පැතිරී ගියේය.

අළු හිසකෙස් ඇති, දුගී දුප්පත් මෙම සිගන කාන්තාවට ඉන්පසුව අති විශාල ජනප්‍රියතාවයක් ලබන්නට තරම් වාසනාවන්ත විය.

ඇගේ උපත සිදු වී ඇත්තේ 1960 නොවැම්බර් 05 දිනය. එනම් මේ වන විට ඇයට වයස අවුරුදු 60 කි. ඇය උපත ලබන්නේ බටහිර බෙංගාලයේ රණගට්හිය. ඇය කුඩා අවධියේම ඇගේ මව මියගොස් ඇත.

බොහෝ ඉන්දියානුවන් ඇගේ කටහඩ ලතා මංගේෂ්කාර් ගේ කඩහඩට බොහෝ සමානකම් දක්වන බව පවසයි.

මේ දිනවල අන්තර්ජාලය පුරා බොහෝ ජනප්‍රියත්වයක් උසුලන ඇගේ මියුරු හඩට විශාල එක් රොක් වී ඇත. ඇයගේ අතිශය මියුරු කඩහඩ ලොවක් වසග කරන්නට මේ වන විට සමත්ව හමාරය.

මේ වනවිට හිමාෂ් රේෂාමියා සිය ඉදිරි චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් විට මැන්ඩල්ගේ ඉරණම එක රැයකින් වෙනස් විය.

රානු මැන්ඩල් ඉන්දියානු දුම්රිය ස්ථාන ගායිකාව බොලිවුඩ් සිනමාවට පිවිසීමට සූදානම් වන්නේ ” හැපි හාඩි සහ හියර් ” චිත්‍රපටයෙනි. රානු මැන්ඩල් ගේ පළමු බොලිවුඩ් ගීතය, ” සුබ හාඩි හා හියර් ” පළමු බොලිවුඩ් ගීතය, එක රැයකින් ඇය තරුවක් බවට පත්වූ අතර එය ප්‍රේක්ෂකයන් අතරට මේ වන විට පැමිණ තිබේ.

“ මෙය මගේ දෙවන ජීවිතය වන අතර එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට මම උත්සාහ කරමි ” යනුවෙන් ඉතා නිරහංකාර සතුටකින් යුතුව ඇය මේ සම්බන්ධයෙන් තම අදහස ප්‍රකාශ කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top