විදෙස්

දෙනෝදාහක් බලා සිටියදී තම පුතුගේ ඝාතකයා නඩුවට ගිහින් එනගමන් අමානුෂික ලෙස කපා ඝාතනය කළ තාත්තා – [VIDEO]

UTV | COLOMBO – මහමගදී තරුණයෙකු අමානුෂික ලෙස ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි Attapur ප්‍රදේශයෙන්.

කෙසේ වෙතත් අදාළ ඝාතනයට හේතුව බවට බලධාරීන් වාර්තා පවසන්නේ මීට පෙර සිදුවූ ඝාතනයකට කළ පලිගැනීමක් බවයි.

මීට මාස 11 කට පෙර සිදුවූ මහේෂ් නමැති තරුණයෙකුගේ ඝාතනයකට පලිගැනීමක් ලෙස ඔහුගේ පියා මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රමේෂ් නමැති 25 හැවිරිදි තරුණයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු අධිකරණයේ පැවති අදාළ නඩුවට පෙනී සිට නැවත එමින් සිටියදී ඔහු විසින් ඝාතනය කළ බවට පැවසෙන තරුණයාගේ පියා සහ ඥාතියෙකු මෙලෙස ඔහුට පහරදී ඝාතනය කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් රථවාහන අංශයේ නිළධාරියකු එය වැලැක්වීමට උත්සහ ගන්නා අතර එය ව්‍යර්ථ වනවා.

පසුව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුම ඔවුන් වැලැක්වීමට උත්සහ ගත්තද එයද වැළකී යනවා.

මේ අතර අදාළ අමානුෂික පහරදීම සිදුවන අවස්ථාව අසල සිටි පුද්ගලයන් විසින් ජංගම දුරකථන මගින් රූගත කර තිබෙනවා.

එහි දර්ශන අතර ඝාතනය සිදුවන අවස්ථාවේ රමේෂ් නමැති පුද්ගලයා වැටී සිටි ස්ථානය අසලින්ම පොලිස් මුර සංචාරක රථයක් ගමන්කරන අතර එය නොනවත්වා ධාවනය කිරීම පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.

කෙසේ වෙතත් බලධාරීන් සඳහන් කරන්නේ එම අවස්ථාවේ රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඔහුද අදාළ සිදුවීම දැක නොමැති බවයි.

මීට වසරකට පමණ පෙර රමේෂ් නැමති ඝාතනයට ලක්වූ තරුණයා විසින් මහේෂ් නමැති තරුණයා ඝාතනය කිරීමට හේතුව ලෙස පොලිසිය පෙන්වා දෙන්නේ අනියම් ආදර සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් බවයි.

එහිදී ඔවුන් දෙදෙනාම එක් විවාහක කාන්තාවකට ආදරය කර ඇති අතර එය ඔවුන් දෙදෙනා දැනගැනීමෙන් අනතුරුව රමේෂ් නමැති පුද්ගලයා විසින් මහේෂ් නමැති තරුණයා ඝාතනය කර ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

එම තරුණයාට මත්පැන් පානය කිරීමට ලබාදී පසුව ගෙල කපා ඝාතනය කර තිබියදීයි මීට වසරකට පෙර ඔහුගේ සිරුර හමුවුයේ.

දෙනෝදාහක් බලා සිටියදී මහමග තම පුතුගේ ඝාතකයා අමානුෂික ලෙස පියා විසින් ඝාතනය කළ අයුරු දැක්වෙන එම වීඩියෝව පහතින්.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top