දේශීය

දීපවාලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

(UTV| කොළඹ) –  හින්දු භක්තිකයන් විසින් අත් උත්කර්ෂවත්ව දීපවාලී උත්සවය සමරනු ලබයි. දීවාලී නොහොත් දීපවාලී යන සංස්කෘත පදයෙන් පහන් පෙළක් යන අර්ථය නිරූපණය වෙයි. දීපවාලී උත්සවය ඉන්දියානු උත්සව අතරින් ඉතාමත් වර්ණවත් උත්සවයකිි. ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ද මෙම දීපවාලී උත්සවය චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙමින් ආගමනුකූලව ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීපාවලී සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ , ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවා යි ප්‍රාර්ථනා කරන බවයි.

ජනපතිතුමාගේ දීපවාලී පණිවිඩය ,

 

දීපාවලි පණිවිඩය

ලොව පුරා හින්දු බැතිමත්හු දීපාවලි දින පහන් දල්වමින් අවිද්‍යාවේ අන්ධකාරය පරදා ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිරත වෙති.
සියලු දනන් සිත් සතන් ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනය ගැබ් කර ගත් දීපාවලි දිනය එකිනෙකා වෙත හෘදයාංගම ශුභාශීංසන පිරිනමමින් සෙනෙහස හා දයාව බෙදා හදා ගන්නා සංස්කෘතික උළෙලක් ලෙස ද වැදගත්කමක් උසුලයි. ඒ අරුතෙන් ගත් කල සහෝදරත්වයේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික හා ආගමික සංහිඳියාවත්, අන්‍යෝන්‍ය අවබෝධයත් වර්ධනය කරනු වස් මෙවන් සංස්කෘතික අංග මනා පිටිවහලක් වන බව මගේ හැඟීමයි.

සමස්ත ලෝකයම කොරෝනා වසංගතය නිසා උද්ගත දැවැන්ත අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසිල්ලකි. දීපාවලි සමයේ ඒ
සැනසීම වෙනුවෙන් අපේ රටේත් ලෝකයේත් සියලු හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි මම විශ්වාස කරමි. එය අප අරමුණු කරගත් යහපත් සමාජයක්, සෞඛ්‍ය සම්පන්න ජන
ජීවිතයක් ගොඩ නැගීමට ආශිර්වාදයක් වනු ඇතැයි මම සිතමි.
මේ ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවා යි ප්‍රාර්ථනා කරමි.

 

මේ අතර දීපාවලි දිනයට සුභපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ දීපවාලි උත්සවය ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සලසා දෙන බවයි.

ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස දීපාවලිය හදුන්වාදෙන බවද අගමැතිවරයා නිකුත් කල සුභපැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top