දේශීය

දිස්ත්‍රික්ක 6 කට තද වැසි

(UTV | කොළඹ) – නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 200 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 දක්වා විටින් විට ඉහළ යා හැකි බවයි.

නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top