දේශීය

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට පෙරවරුවේ ඉවතට

(UTV | කොවිඩ් 19) – අවධානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28) උදෑසන 5 ට ඉවත් කෙරෙයි.

එදිනම රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අද දිනය තුළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර , කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top