දේශීය

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV |කොළඹ ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) පෙරවරු 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම පස්වරු 04.00 ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top