දේශීය

තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි

(UTV |කොළඹ ) – අද(17) දිනයේ සිට මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top