ගොසිප්

තමන්ගේ ජීවිතයේම කොටසක් කරගත් ඇන්ජිගේ අපූරු රසිකයා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් බෙහෙවින් ආදරය කරන , තමන්ගේ මුළු ජීවිතයේම කොටසක් කරගත් රසිකයෙක්ගෙන් අන්ජිට ලැබුණු ඉතාමත් ආදරණිය ලියුමක් පිළිබඳ වාර්තා විය.

‘මම මේ ලියුම හෙශානි අක්කගේ නමට දැම්මේ මේක ලේසියෙන් ඔයාලට Reach වෙයි කියලා හිතලා. ඉතින් මේක අක්කා හෝ කවුරුමහරි කියවනවනම් මේක ඇන්ජිට විනාඩි 5කට කියවන්න දෙන්න. නැත්තන් මේ ටික කියන්න. මම දන්නවා ඇන්ජි අයියා බිසී කියලා. කලාතුරකින් ගෙදර ඉන්නේ කියලා. විනාඩි 5 යි.

ඇන්ජිට ලෝකේ වටේම ෆෑන්ස්ලා ඉන්නවා. ඒත් මම තරම් ෆෑන් කෙනෙක් නෑ කියල මම සහතික කරනවා. ඇයි ඒ? ඇයි කිව්වොත් නිකන්ම මැච් දවස් වලට විතරක් නෙවෙයි හැම දවසකම මගේ ඔලුවේ දුවන්නේ ඇන්ජලෝ ගැන. සමුගන්න කලින් ටෙස්ට් 10000 ගහයිද, වෙස්ට් ඉන්ඩීස් එකේ හොඳට කරාවිද. දැන් කකුල් අවුලක් වෙන එකක් නෑ නේද කියලා හිතනවා. නැත්තන් පරණ Stats බලනවා, මැචස් වල ඇන්ජි සෙල්ලම් කරන ටික ආයේ ආයේ බලනවා. ඇවරේජ් 50 හදාගන්න ගහන්න ඕන ලකුණු ගාන Calculate කරනවා. අන්තිම ටිකේ Stats Compare කරනවා. පැයෙන් පැය Insta Feed එක බලනවා. ඒක පුදුම පිස්සුවක්. මාරම ආදරයක්.

2008 Debut කරපු දවසේ ඉඳන් ආසාවෙන් බලලා 2009 සෙමියේ විකට් 3 ගද්දී කෑගහලා සතුටු වෙලා, 2011 සෙමි ගහලා ෆයිනල් ගහන්න බෑ කියද්දී අඬලා,2014 හොඳටම රන්ස් ගහද්දී මගේ ජීවිතේ මම දෙයක් දිනනවා වගේ සතුටු වෙලා 2018 ආයේ ඒශියා කප් අවුල් යද්දී තනියම අඬලා ආයේ ටීම් එකට එද්දී සතුටු වෙලා, ඔහොම මුලු Career එකේම Ups & Down වල සතුටු වෙවී දුක් වෙවී ඉඳියා. ඒක මාර Journey එකක්. මෙතන ලියලා ඉවර කරන්න බෑ. ෆිල්ම් එකක් වගේ අවුරුදු 12ක Career එක මට මතකයි.

සෝශල් මීඩියා වල මාව කිව්වම ” ඇන්ජිගේ ලොකුම ෆෑන්” කියලා හැමෝම දන්නවා. හැම අමාරු වෙලාවකම Defend කරනවා. ෆේල් වෙද්දි මම ෆේල් වුනා වගේ නොකා නොබී ඉන්නවා. පෆෝම් කරාම මට රටක් රාජ්‍යයක් දින්නා වගේ. මට වචන වලට හරවන්න හරි අමාරුයි.

මම මේක ලියන්නේ කිසිම හේතුවකට නෙවෙයි, ඔයාවත් නොදන්න, ඔයාට මාරම ආදරේ ෆෑන් කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න. පිටු සීයක් වුනත් ලියන්න පුලුවන්. ඒත් අයියාගේ වටින වෙලාව මට කන්න බෑ. ෆැමිලි එකත් එක්ක ඉන්න හම්බෙන පොඩි වෙලාවේ එයාල එක්ක් ඉන්න. වෙස්ට් ඉන්ඩීස් එක හොඳටම කරන්න. වන්ඩේ රන්ස් 6000 ගහන්න. ටෙස්ට් දැන් රෑන්කින් 17. තව සෙන්චරි එකක් දෙකක් දාගත්තම 10ට ලන් වෙනවා. ඇවරේජ් 45 -50ට හදාගමු. All the Best Aiye. God Bless. කොහොමහරි හොඳටම රන්ස් ගහමු. පෆෝම් කරමු. හෙශානි අක්කේ තෑන්ක්ස්. God Bless.

මම සියාම්.

මේ රසිකයාගේ ලියුමට ඇන්ජෙලෝ සිය Instagram ගිණුමේ ස්තුතිය පළකරමින් සටහනක්ද තැබීය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top