ගොසිප්

ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු එක රැයකින් කෝටිපතියෙක් වෙයි

(UTV|  ඩුබායි) – ඩුබායි හි පෞද්ගලික සමාගමක “විකුණුම් වෘත්තිකයෙකු” ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන මොහොමඩ් මිෂ්ෆක් ඊයේ (03) දිනයේ කෝටිපතියෙක් බවට පත් විය.   

ඩුබායි හි පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන 36 හැවිරිදි මොහොමඩ් මිෂ්ෆක් Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව Gulf News පුවත් සේවය වාර්තා කර සිටී.

ඊයේ (03) දිනයේ දී මෙම දිනුම් ඇදීම සිදුකර ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 643 ක් හෙවත් රුපියල් කෝටි 64 ක් පමණ වේ.

මේ වන විට නිවාඩුවක් සඳහා මිෂ්ෆක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙය තමන්ට අදහා ගත නොහැකි බවයි.

මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී කියා ඇත. තම පියා හට ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති බැවින් මෙම මුදල් මේ අවස්ථාවේ දී ඉතා වටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

මොහොමඩ් මිෂ්ෆක්ගේ මාසික වැටුප ඩිරාම් 7,000 ක් පමණ වන අතර පසුගිය වසර 10 ක කාලයක් පුරාවට ඔහු ඩුබායි හි සේවය කර ඇත. සිය මිතුරන් 20 දෙනා සමඟින් පසුගිය වසර 1 1/2 ක පමණ කාලයක සිට Big Ticket ලොතරැයි මිල දී ගැනීමට ඔහු පුරුදු වී තිබේ.

දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ තම බිරිඳට සහ දරුවන් දෙදෙනාට නිවසක් ඉදිකිරීමට යොදවන බව ඔහු පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top