දේශීය

ඩිජිටල් සේවා බද්ද ගැන IMF පැහැදිලි කරයි

ඩිජිටල් සේවාකරණ බද්දක් පැනවීමේ කිසිදු සැලසුමක් සම්බන්ධයෙන් ශ්‍රී’ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ශ්‍රී’ලංකාවේ ඩිජිටල්කරණ සේවා බද්දක් පැනවීම වෙනුවට ඒ සඳහා වූ ජාත්‍යන්තර රාමුවට එක්වෙන ලෙස මූල්‍ය අරමුදල බලපෑම් කරන බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කර ඇත.

 

ඩිජිටල්කරණය මත පදනම් වූ බහු ජාතික සමාගම් විසින් විවිධ රටවල් සඳහා සිය සේවා සැපයීමේදී එම රටවල් විසින් අවම ආයතකින බද්දක් ඒ සඳහා පනවනු ලබයි.

 

ලබන වසරේ සිට එම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රටවල් 143ක් එකඟවී ඇති අතර, තවත් රටවල් 30ක් නව යාන්ත්‍රණයක් සැකසීම සිදුකරන තුරු ඩිජිටල්කරණ සේවා බද්දක් පැනවීමෙන් වැළැකී සිටිමට එකඟවී ඇත.

 

කෙසේ වෙතත් බෙලරුස්, කැනඩාව, පාකිස්ථානය, රුසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5ක් ඒ සඳහා සහාය වීම සඳහා සුදුසු වාතාවරණයක නොසිටින බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය පවසයි.

 

ඒ අනුව ඩිජිටල් සේවාකරණ බද්දක් පැනවීමේ කිසිදු සැලසුමක් සම්බන්ධයෙන් ශ්‍රී’ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත.

 

ජාත්‍යන්තර මූල්‍ය වැඩිදුරටත් පවසන්නේ, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය හෝ G20 කණ්ඩායමේ ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා වූ පරිපූර්ණ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව විසින් ඒ සඳහා අත්සන් තැබිය යුතුද යන්න පිළිබඳව IMF වැඩසටහන යටතේ කිසිදු නිර්දේශයක් ලබාදී නොමැති බවයි.

 

ශ්‍රී’ලංකාවේ ඩිජිටල්කරණ සේවා බද්දක් පැනවීම වෙනුවට ඒ සඳහා වූ ජාත්‍යන්තර රාමුවට එක්වෙන ලෙස මූල්‍ය අරමුදල බලපෑම් කරන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කර තිබේ.

 

එමෙන්ම ආදායම් එක්රැස් කිරීම මූල්‍ය අරමුදලේ ශ්‍රී’ලංකාව සඳහා වු වැඩසටහනේ අංගයක් බවද IMF ප්‍රකාශකයා සඳහන් කරයි.

 

එළඹෙන සැප්තැම්බර් මස දී සිදුකිරීමට නියමිත විස්තීර්ණ ණය වැඩසටහනේ පළමු ඇගයීමේදී මෙලෙස අතිරේක ආදායම් එක්රැස් කිරීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන බවද වාර්තා වී ඇත.

 

ඩිජිටල්කරණ සේවා බද්දක් පැනවීම සම්බන්ධයෙන් එහිදී සලකා බැලිය හැකි බවද මූල්‍ය අරමුදලේ අදහසයි.

 

ශ්‍රී ලංකාවට සහ එහි පුරවැසියන්ට උපරිම ප්‍රතිලාභ අත්වන ආකාරයෙන් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද මූල්‍ය අරමුදල වාර්තා කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top