ක්‍රීඩා

ජාතික යතුරුපැදි ශූරයාට දරුණු අනතුරක්!

(UTV|COLOMBO) – මෝටර් ක්‍රොස් ජාතික ශූර බුද්ධික කසුන් සිල්වා, පසුගිය දා ඌව කුඩාඔය දී පැවතී “2019 කොමාන්ඩෝ සුපර්ක්‍රොස්  තරගාවලිය” අතරතුර බැරෑරුම් අනතුරකට මුහුණ පා තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ යතුරුපැදි  ධාවකයෙකු ලෙස ලාංකීය මෝටර් ක්‍රොස් ධාවන පථය තුල පෙළහර පෑ බුද්ධික, 2018 වසරේ දී යතුරුපැදි ජාතික කිරුළ තමන් සතු කරගැනීමට සමත් වුනා. ධාවන පථයේ දඟකාරයෙකු ලෙස නම් දරා සිටි ඔහු, තරග අතරතුර ප්‍රේක්ෂකයින්ගේ ඇඟ කිලිපොළා යන විලාසයේ පැනුම් සඳහා විශේෂ දක්ෂතාවයක් දැක්වූ ධාවකයෙක්.

පසුගිය දා පැවති කොමාන්ඩෝ  සුපර්ක්‍රොස් ධාවන තරගයේ පුහුණුවීම් දිනයේ පුහුණු සැසියට සහභාගී වෙමින් සිටි බුද්ධික මෙලෙස අනතුරකට ලක්වී තිබෙනවා. ධාවන පථයේ පැනීමක් අතරමැද යතුරුපැදිය අඩපණ වීම නිසා ඉන් ඉවතට විසිවෙන බුද්ධිකගේ හිස මත යතුරුපැදියේ රෝදයක් ගැටීම මගින් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන ප්‍රථමාධාර නිලධාරීන් ඔහු සමීපයට යන විටත් ඔහු සිහිසුන්ව සිට ඇති අතර ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ දැනටත් ප්‍රතිකාර ලබන මේ ජවසම්පන්න ධාවකයා තවමත් අසාධ්‍ය තත්වයේ පසුවන බව වාර්තා වනවා.

ශ්‍රී ලාංකික යතුරුපැදි ධාවන පථය තුල නැවත පෙළහර පෑමට, බුද්ධික සොයුර ඔබට ඉක්මන් සුව!

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top