දේශීය

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ ගැසට් නිවේදනය හෙට

(UTV | කොළඹ) – ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිලිවෙල සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය හෙට (10) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කළේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන අතර, ඒ සඳහා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි.

මෙම ගැසට් පත්‍රය මගින් පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි නිකුත් කරනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top