දේශීය

ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

ජනමත විචාරණයකට යාමෙන් තොරව පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

 

අද (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ අනිවාර්යයෙන්ම ලබාදී ඇති දින වකවානු අනුව මැතිවරණය පැවැත්විය යුතු බවය.

 

“මාර්තු 30 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත වෙලා අවසාන වෙන්න ඕනේ. එසේ කිරීමට නම් මේ මැතිවරණය පවත්වන්නට ඕනේ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මාසේ මුල. ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මැතිවරණය කල් දැමීමට නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කියලා. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතිව පාර්ලිමේන්තු යෝජනාවක් හරහා මැතිවරණය කල්දැමීමට කිසිසේත් පුළුවන්කමක් නෑ. අනිවාර්යයෙන් මේ දිනවකවානු අනුව මේ මැතිවරණය පවත්වන්න ඕනේ.”

 

මේ අතර, අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එළඹෙන 05 වැනිදා මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ගැසට් කරන බවට වාර්තා වී ඇති බවය.

 

කෙසේ වෙතත් ආණ්ඩු විසින් මැතිවරණය කල්මට උත්සහ කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 

“ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සෑම ආසනයකම අපේක්ෂකයින් තෝරාගැනීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරගකළ යුතුයි කියන ඉල්ලීම මධ්‍යම කාරක සභාවේ ඉල්ලීමක් ලෙස තිබෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවල දී අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජනතා සන්ධානය හරහා නාම යෝජනා ඉදිරිපත් කරන්න. අපි බලනවා ලංකාවේ තිබෙන වාමාංශික ප්‍රගතිශීලි බලවේග සියල්ලම එකට එකතු කරගන්න. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමාගේ ඒ කණ්ඩායම සමගත් උත්තර ලංකා සභාව සමගත් අපි සාකච්ඡා කරලා තිබෙනවා. අවසන් සාකච්ඡාව ඉදිරි දින කිහිපයේ දී අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. 05 වැනිදා මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ගැසට් කරනවා කියන ආරංචිය තිබෙනවා. හැබැයි 5 වැනිදා තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. පාර්ලිමේන්තුව තුළ යම් විදියකට යෝජනාවක් ගෙනැල්ලා මැතිවරණය කල් දැමීමේ වැඩපිලිවෙලකුත් අත්දකිමින් ඉන්නවා. එය පරාජය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කරගෙන යනවා.”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top