දේශීය

ජනපති විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය විමසයි

(UTV |කොළඹ ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් විණ.

ඒ කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍යද විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමටය.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ වන විට වෛරසය ආසාදිත පුද්ගලයන් ළඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනා ගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා චී තිබේ.

වෛරසය හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits)ප්ර මාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිවරයා ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්ව ඇත.

එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු මෙහිදී පවසා තිබේ.

වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වා ගත යුතු බව ඔවුනගේ මතය  වී තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top